ජාතික ගීය විකෘති කළාදැයි පරීක්ෂණයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අවධානය යොමු වෙයි. ජාතික ගීය හිතුමතේ වෙනස් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව ද එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
එය අනුමත කළ නොහැකි හෙයින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් කේ. ඩී. එන්. රංජිත් අශෝක මහතා පවසයි.
ජාත්‍යන්තර අවධානය යොමු වන වැඩසටහනකදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම කනගාටුවට කරුණක් බවත් ලේකම්වරයා අවධාරණය කරයි. උමාරා සිංහවංශ නැමැති ගායිකාව විසින් ජාතික ගීය ඔපෙරා ශෛලියට අනුව ගායනය කළාය.
මේ අතර ශ්‍රී ලංකා ජාතික ගීයේ අකුරක් හෝ කොමාවක් හෝ කිසි ලෙසකින් වෙනස් කළ නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ගීය ගැන සඳහන් වන්නේ මේ ලෙසින්. “ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය “ශ්‍රී ලංකා මාතා” ගීය වන්නේය. ජාතික ගීයෙහි පදමාලාව සහ සංගීතය තුන්වන උපලේඛනයෙහි දැක්වෙන්නේ ය” යනුවෙන්.