මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට අධිචෝදනා

මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට අධිචෝදනා

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 මැතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සහය සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කර තිබෙනවා.

ධවල මන්දිරයට ආපසු යාම නම් වු ප්‍රචාරක ව්‍යාපාරයේ දී හිටපු ජනාධිපතිවරයා සිදුකර ඇති මේ ක්‍රියාව ඔහුට මෙතෙක් එල්ල වූ බරපතලම නීතිමය තර්ජනය බවයි විදේශ මාධ්‍ය ප්‍රකාශ කරන්නේ.

ට්‍රම්ප් ජනාධිපති ධූරය හෙබවූයේ එක් ධූර කාලයක් පමණයි.

ඔහු වත්මන් ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ජෝ බයිඩන්ට පරාජය වූයේ 2020 ජනාධිපතිවරණයේදීයි. එම අවස්ථාවේ තමන් පරාජය වූ බව ට්‍රම්ප් නොපිළිගත් අතර සිය රිපබ්ලිකන් පක්ෂ ආධාරකරුවන් උසි ගන්වමින් වොෂින්ටන් අගනුවරට කඩා වැදීමට සැලැස්වූයේ එම අවස්ථාවේදීයි.

එම උසිගැන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද ට්‍රම්ප්ට වෙනම චෝදනා එල්ල වී තිබෙනවා. 2020 වසරේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සහ කළ බවට සහ තවත් චෝදනා 3ක් සම්බන්ධයෙන් වන නඩුව හෙට කැඳවීමට නියමිතයි.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ යළි ජනාධිපති ධූරයට ඉදිරිපත් වීමට තමන් ගන්නා උත්සාහය වැළැක්වීමට ප්‍රතිවාදීන් උත්සහ ගන්නා බවයි.

https://tinyurl.com/sb8ny3tc

COMMENTS