නව “කොවිඩ් 19” ප්‍රභේදයක්

නව “කොවිඩ් 19” ප්‍රභේදයක්

නව ‘කොවිඩ් 19’ වෛරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට එක්සත් රාජධානියේ සෞඛ්‍ය කටයුතු පිළිබ‍ඳ ආරක්ෂක ඒජන්සිය පවසන්නේ මෙම නව ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බවයි.

එරට වෛද්‍යවරුන් මෙම නව ප්‍රභේදය නම් කර ඇත්තේ EG.5.1 හෙවත් Eris යන නමින් වන අතර, මෙය ‘කොවිඩ් 19’ ඔමික්‍රෝන් වයිරසයේ උප ප්‍රභේදයක් බව පැවසෙනවා.

එක්සත් රාජධානියේ, Eris වෛරස ව්‍යාප්තිය ගැන තමන්ගේ ද අවදානය යොමු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

https://tinyurl.com/bdfjej9x