රාහුල් ගාන්ධි යළි ඉන්දීය පාර්ලිමේන්තුවට
ඉන්දීය විපක්ෂනායක රාහුල් ගාන්ධි අද යළි පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
සාපරාධි අපහාස නඩුවක වරදකරුවෙකු වීමෙන් පසු ඔහු පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ පළමුවරට බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් 2019 වසරේ මැතිවරණ රැළියකදී සිදුකිරීම සම්බන්ධයෙන් රාහුල් ගාන්ධිට චෝදනා එල්ලවූ අතර ඊට අදාළව පසුගිය මාර්තු මාසයේ ඔහුට වසර දෙකක සිරදඩුවම් නියම වුණා.
ඒ අනුව ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයද අහෝසි වූ අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ දඩුවම මේ වන විට අත්හිටුවා තිබෙනවා. ඒ අනුවයි රාහුල් ගාන්ධි අද යළි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉන්දීය ලෝක් සභාව වෙත ගොස් ඇත්තේ.
පාර්ලිමේන්තුවෙන් පිටත රසකැවිලි බෙදමින්, සටන් පාඨ කියමින් කොංග්රස් නායකයන් ඔහුගේ පැමිණීම සමරා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.