ඉම්රාන්ට වසර පහක් රජයේ නිලතල දැරීමත් තහනම් කරයි
පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර පහක කාලයක් රජයේ නිලතල දැරීම එරට මැතිවරණ කොමිසම විසින් තහනම් කර තිබෙනවා.
මොහුට එල්ලවූ දූෂණ චෝදනා මත වසර තුනක සිර දඬුවමක් නියම කර ඉන් දින තුනකට පසුවයි මෙම තීරණය ප්රකාශයට පත් කර ඇත්තේ.
ඒ අනුව ඔහු පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ද නෙරපා හරිනු ඇති.
කෙසේ වෙතත් හිටපු අගමැති ඉම්රාන් ඛාන් පවසන්නේ මෙම චෝදනා දේශපාලන වාසි ලබා ගැනීම සඳහා එල්ල කරන ලද ඒවා බවයි, එහෙත් පාකිස්ථාන රජය එය ප්රතික්ෂේප කරනවා.