අඟහරු ග්‍රහයාගේ දිනක් සඳහා ගතවන කාලය අඩු වෙයි

අඟහරු ග්‍රහයාගේ දිනක් සඳහා ගතවන කාලය අඩු වෙයි

අඟහරු ග්‍රහයාගේ දිනක් සඳහා ගතවන කාලය අඩු වී තිබෙනවා.

ඒ එහි භ්‍රමණ වේගය වැඩි වීම හේතුවෙන්.

නාසා හි ඉන්සයිට් මෙහෙයුමේ රේඩියෝ තරංග දත්ත ඇසුරෙනුයි විද්‍යාඥයන් මේ බව හෙළිකර ගෙන ඇත්තේ.

මෙය අඟහරු ග්‍රහයාගේ භ්‍රමණ වේගය පිළිබඳ මෙතෙක් සිදුකළ නිවැරදිම මෙහෙයුමයි.

මේ අනුව අඟහරු ග්‍රහලෝකයේ භ්‍රමණ වේගය ඉහළ යෑමෙන් සෑම වසරකම අඟහරුගේ දිනක කාලය මිලි තත්පර තුනෙන් එකකින් අඩු වනවා.

එමෙන්ම රාත්‍රී කාලයට වඩා අඟහරු ග්‍රහයාගේ දිවා කාලයේ දී භ්‍රමණ වේගය වැඩි වීමක් නිරික්ෂණය කර තිබෙනවා.

ඊට හේතුව විද්‍යාඥයන් මෙතෙක් සොයා ගෙන නැහැ.

https://tinyurl.com/mvxje2vn

COMMENTS