ආජන්ටිනාවේ මැතිවරණ ප්රචාරණ කටයුතු අත්හිටුවයි
11 හැවිරිදි ගැහැනු ළමයෙකු ඝාතනය කිරීමෙන් පසු ආජන්ටිනාවේ මැතිවරණ ප්රචාරණ කටයුතු අත්හිටුවා තිබෙනවා.
ඊයේ (09) පාසලට යමින් සිටියදී අදාළ දැරියගේ ගමන් මල්ල සොරකම් කර පහරදීමෙනුයි ඝාතනයට ලක්ව තිබුණේ.
මෙම ඝාතනයෙන් පසු ආජන්ටිනාවේ අපරාධවලට එරෙහි විරෝධතා උත්සන්න වූ අතර ජනාධිපතිවරණයේ ප්රචාරණ කටයුතු අත්හිටුවීමට දේශපාලන බල අධිකාරිය විසින් තීරණය කර ඇති බව සඳහන්.
ලබන 22 වනදා එරට ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි.