ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වා දිවි ගමනට සමුදෙයි
ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්රය තුළ සුවිශේෂ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ ප්‍රවීන පුවත්පත් කලාවේදිනි අනුල ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයනවිට ඇය 83 වන වියේ පසුවුණා.
1941 ජනවාරි 27 වනදා අම්බලන්ගොඩ පොල්වත්තේදී උපත ලැබූ ඇය, පුවත්පත් කළාවේ ආදර්ශමත් කාන්තා චරිතයක්.
ඇය, සිය පළමු නව කථාව උන්මත්තකයෝ ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 1964 වසරේදියි.
පසුව ඇය ගුරුවරියක ලෙස සිය වෘත්තිය ජීවිතය ආරම්භ කළ අතර, තරුණ ලේඛිකාවක ලෙස ලේක් හවුස් ආයතනයට සම්බන්ධ වී කටයුතු කළා.
මිහිර ළමා පුවත් පතේ පූර්ණ කාලීන ලේඛිකාවක් බවට පත්වූ ඇය ඉන් පසුව පුවත්පත් ආයතන කිහිපයක පූර්ණ කාලීනව කටයුතු කළා.
ඇය, නව කථා, පරිවර්ථන සහ ළමා පොත් 125 කට අධික සංඛ්‍යාවක් ලියා තිබෙනවා.
ඇයගේ දේහය මේ වනවිට පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු ලබන 14 වන සඳුදා බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි.