අයිෆල් කුළුණ සංචාරකයින් සඳහා වසා දැමේ
ලෝකයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන සංචාරක ස්ථාන අතරින් එක් ස්ථානයක් වූ පැරීසියේ අයිෆල් කුළුණ නරඹන්නන් සඳහා ඊයේ (12) සිට වසා දමා තිබෙනවා.
බෝම්බ තර්ජනයක් හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස මෙලෙස වසා දැමුණු බව එරට පොලිසිය පවසන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.