පතලක් නාය යෑමෙන් 32 ක් මරුට
උතුරු මියන්මාරයේ පිහිටි ස්වර්ණාභරණ නිපදවීම සදහා යොදා ගන්නා කොල පැහැති වටිනා ගල් විශේෂයක් වන ‘ජේඩි ‘ නැමති ගල් සහිත පතලක සිදුවූ නායයාමකින් පුද්ගලයන් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මියන්මාරයේ උතුරු Kachin ප්‍රාන්තයේ පිහිටි අතිෂය දුෂ්කර කඳුකර නගරයක් වන Hpakant (හිපාකාන්ට්) හී මෙම අනතුර සිදුවී තිබෙනවා. නාය යාමත් සමග පතලේ පස් පතල තුළටම කඩාවැටී ඇති අතර ඒ නිසාවෙන් ජලය පතල තුළට කාන්දුවී පතල්කරුවන් එහි සිරවී මරණයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම අනතුරෙන් මිය ගිය සියළු දෙනා පිරිමි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.
ස්වර්ණාභරණ නිපදවීම සඳහා අවශ්‍යවන ජේඩ් ගල් අවශ්‍යතාවයෙන් 70% ක් මියන්මාරය විසින් සපයනු ලබන බව සඳහන් වෙනවා.