පාලමක් කඩා වැටී 17ක් මරුට
ඉන්දියාවේ පාලමක් කඩා වැටී තිබෙනවා.
මිසොරාම් ප්‍රදේශයේ ස්ථානයක ඉදි කෙරෙමින් පැවැති පාලමක් මෙලෙස කඩා වැටී ඇති බවයි වාර්තා වෙන්නේ.
එම අනතුරින් පුද්ගලයින් 17ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටිනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ කම්කරුවන් 35ත් 40ත් අතර පිරිසක් සිට ඇති බව සඳහන්.
මියගිය පිරිසට ඉන්දීය රුපියල් ලක්ෂ 2 බැගින් සහ තුවාල ලැබූවන්ට ඉන්දීය රුපියල් 50,000 බැගින් ලබාදෙන බවයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත්තේ.