සඳට ගිය චන්ද්‍රයාන් 3 වැඩ අරඹයි

සඳට ගිය චන්ද්‍රයාන් 3 වැඩ අරඹයි

සඳේ දකුණු ධ්‍රැවය මත සාර්ථකව ගොඩ බැස්සූ චන්ද්‍රයාන් 3 යානය මේ වනවිට ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සන්නිවේදන කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය හෙවත් ඉස්රෝ ආයතනය නිවේදනය කළේ ප්‍රග්ඥාන් රෝවරය මේ වනවිට සඳ මතුපිට ගමන් කිරීම ආරම්භ කර ඇති බවයි.

චන්ද්‍රයාන් 3 යානය සඳෙහි දක්ෂිණ අර්ධය ගවේෂණය කිරීමේ අරමුණින් ඉන්දියාවේ ශ්‍රී හරිකෝටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට දියත් කෙරුණේ පසුගිය ජුලි 14 වනදායි.

සති පහක පමණ කාලයක් තිස්සේ පෘථිවියේ හා සඳ වටා කක්ෂගත වෙමින් තිබූ චන්ද්‍රයාන් 3 යානයේ වික්‍රම් ලෑන්ඩරය ඊයේ පස්වරුවේ සාර්ථකව චන්ද්‍රයාගේ පෘෂ්ඨය මතට ගොඩබෑම සිදුවුණා.

වික්‍රම ලෑන්ඩරයට විසින් රැගෙන ගිය ප්‍රග්ඥාන් රෝවරය දින 14 ක කාලසීමාවක් චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැාවයේ රැදී සිටිමින් සඳෙහි ඇති ඝනීභවනය වූ ශීත ජලය හා අනෙකුත් මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් ගවේෂණය කිරීමට නියමිතයි.

https://tinyurl.com/wpd4rs3k

COMMENTS