“Jailer” චිත්‍රපටයට අධිකරණ නියෝගයක්
Jailer සිනමා චිත්‍රපටයට එරෙහිව විශේෂ අධිකරණ නියෝගයක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ චිත්‍රපටයේ රූප රාමු කිහිපයක පෙනී සිටින මිනිසුන් ඝාතනය කරන අයෙකු විසින් IPL ක්‍රිකට් කණ්ඩායමක් වන RCB ජර්සියකින් සැරසී සිටීම හේතුවෙන් බවයි වාර්තා වී ඇත්තේ.
එමෙන්ම එම කොන්ත්‍රාත් මිනීමරුවා කාන්තා චරිතයක් සම්බන්ධයෙන් අපහස සහගත සහ ලිංගික ප්‍රකාශ සිදු කර තිබෙන බවද සඳහන්.
කෙසේ වෙතත් අධිකරණය නියෝග කර ඇත්තේ එම රූපරාමු චිත්‍රපටය ඉවත් කරන ලෙසයි.
ඒ අනුව එම දර්ශනය වෙනස් කිරීමට ජේලර් නිෂ්පාදකයන් එකඟ වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
අධිකරණය නියෝගය අනුව සැප්තැම්බර් මස 01 වනදා සිට මෙලෙස සකස්කරන ලද Jailer චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය කරන බවයි වාර්තා වන්නේ.