ෆ්ලොරිඩාවට හදිසි තත්ත්වයක්
ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ ඉඩාලියා සුළි කුණාටුවෙන් සිදුවිය හැකි ආපදා තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්.
මේ වනවිට මෙම සුළි කුණාටුව කියුබාවට බලපෑම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සියලුදෙනා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කාලගුණ අංශ කඩිනමින් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.