T20 ලෝක කුසලානයට එන පළමු සංක්‍රාන්ති ලිංගික ක්‍රිකට් ක්‍රීඩිකයා මෙන්න

T20 ලෝක කුසලානයට එන පළමු සංක්‍රාන්ති ලිංගික ක්‍රිකට් ක්‍රීඩිකයා මෙන්න

2024 කාන්තා T20 ලෝක කුසලානය සඳහා සංක්‍රාන්ති ලිංගික‍යෙක් වන කැනඩාවේ Danielle McGahey සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව නිල ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරන පළමු සංක්‍රාන්ති ලිංගික ක්‍රිකට් ක්‍රීඩිකාව බවට ද ඇය පත් වෙනවා.

ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් ලෙස ඉපදුණු McGahey 2020 පෙබරවාරි මාසයේදී කැනඩාවට සංක්‍රමණය වී ඇති අතර 2020 නොවැම්බර් මාසයේදී සංක්‍රාන්ති ලිංගිකයෙක් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ලබන සතියේ ලොස් ඇන්ජලීස්හි පැවැත්වෙන ICC Americas Qualifier තරගයේදී ආර්ජන්ටිනාව, බ්‍රසීලය සහ එක්සත් ජනපදය සමඟ සුදුසුකම් ලැබීමේ තරග සඳහා ඇය සහභාගී වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

https://tinyurl.com/3sebwdrf

COMMENTS