ඉන්දියාව අද අලුත් ගමනකට සැරසෙයි
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සූර්යයා පිළිබඳ අධ්‍යයනය කිරීමේ අරමුණින් ආදිත්‍ය එල්-1 චන්ද්‍රිකාව අද (02) කක්ෂගත කිරීමට නියමිතව තිබෙනවා.
අදාළ චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරිමට නියමිතව ඇත්තේ අන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි ඉන්දියාවේ ප්‍රධානතම අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන ලසතීෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සවි කර ඇති පීඑස් එල් වී-එක්ස් එල් නම් රොකට්ටුව මඟින් බවයි වාර්තා වන්නේ.
මෙම චන්ද්‍රිකාව හරහා අභ්‍යවකාශයේ සිට සූර්යයාගෙන් ඇති වන සුර්ය කුණාටු ඇතුළු අභ්‍යවකාශ කාලගුණයට ඇති වන බලපෑම පිළිබඳව අධ්‍යයනය කිරිමට නියමිතයි.