පාකිස්ථානයේ ඖෂධ හිඟයක්

පාකිස්ථානයේ ඖෂධ හිඟයක්

පාකිස්ථානයේ උද්ධමනය ඉහළ යාම හේතුවෙන් එරට තුළ අත්‍යවශ්‍යය ඖෂධ හිඟයක් මතුව තිබෙනවා.

පෞද්ගලික ඖෂධ අලෙවිසැල්වල පවා එම ඖෂධ මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

පිළිකා ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ මෙන්ම දියවැඩියා රෝගීන්ට අවශ්‍ය ඉන්සියුලින්ද පාකිස්ථානයේ මේ වන විට මිලදී ගැනීමට නොමැති වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ හේතුවෙන් එරට රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි.

https://tinyurl.com/hzx3xdf6

COMMENTS