රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් යුක්රේනයේ 17ක් මරුට
යුක්රේනයේ, නැගෙනහිර ඩොනෙට්ස්ක් කලාපයේ නගරයට රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම ප්‍රදේශයේ සාප්පු සංකීර්ණ සහිත වීථියක ජනතාව වැඩි වශයෙන් ගැවසෙන අවස්ථාවක දී මෙම පිපිරීම් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පිපිරීමෙන් පුද්ගලයින් 33 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
මෙම ප්‍රහාරය හෙළා දකිමින් යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි රුසියාවට චෝදනා කළත් ඔවුන් ඊට ප්‍රතිචාර දක්වා නැහැ.
කෙසේ වෙතත් ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් යුක්රේනයේ සංචාරයක නිරත වන අතරතුර මෙම ප්‍රහාරය එල්ල වීම ජාත්‍යන්තරය තුළ කතා බහට හේතු වී තිබෙනවා.
එම සංචාරයේදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා රුසියානු හමුදාවන්ට එරෙහිව යුක්රේනය එල්ල කරන ප්‍රතිප්‍රහාර ප්‍රශංසාවට ලක් කර ඇති අතර ඩොලර් බිලියන 1කට නව ආධාර ලබාදෙන බවට ද පොරොන්දු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.