කැනඩාවෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 24.5 ක්

කැනඩාවෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 24.5 ක්

යුක්රේනයට ගුවන් ආරක්ෂණ උපකරණ මිලදී ගැනීම සඳහා කැනඩාව විසින් ඩොලර් මිලියන 24.5 ක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

එය කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් ලබාදෙන බවට ප්‍රකාශයට පත්කළ ඩොලර් මිලියන 500 න් කොටසක් බව සදහන් වෙනවා.

ඒ මුදල් වලින් ඇමරිකාව, නෙදර්ලන්තය සහ ඩෙන්මාර්කය ඇතුලු රටවලින් කෙටි හා මධ්‍යම දුර ගුවන් ආරක්ෂක මිසයිල සහ ඒ ආශ්‍රිත ආයුධ මිලදී ගනු ඇති බවටයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

රුසියාව යුක්රේන ආක්‍රමණය ආරම්භ කළ දා සිට කැනඩාව විසින් ඩොලර් බිලියන අටකට වැඩි ප්‍රමාණයක් ලබාදී ඇති අතර, ඊට ඩොලර් බිලියන 1.8 ක මිලිටරි ආධාරද ඇතුළත් වෙනවා.

https://tinyurl.com/2uj9kv7s