ධනිෂ්කට එරෙහි නඩු විභාගය අවසන්

ධනිෂ්කට එරෙහි නඩු විභාගය අවසන්

ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහිව නිව් සවුත් වේල්ස් දිස්ත්‍රික් අධිකරණයේ විභාග වූ ලිංගික අතවර නඩුවේ විභාගය අවසන් වී තිබෙනවා.

කෙසේ වෙතත් විනිසුරු සාරා හගෙට් සිය තීන්දුව ලබන බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 28) ප්‍රකාශයට පත් කරන බවයි වාර්තා වී ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය පසුගිය 18 වැනිදා මුල් වරට කැඳවා තිබුණා.

කෙසේ වෙතත් මෙම නඩු විභාගය දින තුනක් හෝ හතරක් පවතිනු ඇති බවයි මීට පෙර අවස්ථාවකදී විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ.

https://tinyurl.com/2p8mp528