මෙරටින් බිත්තර ලක්ෂ 15ක් මාලදිවයිනට

මෙරටින් බිත්තර ලක්ෂ 15ක් මාලදිවයිනට

මෙරටින් බිත්තර මිලියන 1.5ක් මාසිකව මාලදිවයිනට අපනයනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ ලබන වසර වන විට තවත් රටවල් 4කට බිත්තර අපනයනය කිරීම සඳහා මේ වන විට සාකච්ජා කරන බවයි.

ගන්නොරුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු කාර්යාලයේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.

එසේම ලබන ජනවාරියේ සිට බිත්තර නිෂ්පාදනය වැඩි වී මෙරට බිත්තර මිල පහළට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු පවසා තිබෙනවා.

නත්තල් මාසයේදී බිත්තර සඳහා ඉහළ ඉල්ලුමක් පවතින නිසා දෙසැම්බර් මාසය දක්වා බිත්තර ආනයනය කරන අතර ඉන්පසු බිත්තර ආනයනයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි සඳහන් වන්නේ.

COMMENTS