සියලුම සම්භාහන මධ්‍යස්ථාන සඳහා අලුත් නීති මාලාවක්

සියලුම සම්භාහන මධ්‍යස්ථාන සඳහා අලුත් නීති මාලාවක්

රටපුරා තිබෙන සියලුම සම්භාහන මධ්‍යස්ථාන නියාමනය කර ඒවා පවත්වාගෙන යාමට නව නීති මාලාවක් හඳුන්වාදීමට තීරණය කොට තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසන්නේ ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත එම නියාමන ක්‍රියාවලිය සකස් කිරීමට දැනටමත් ආරම්භ කර ඇති බවයි.

රටපුරා තිබෙන සම්භාහන මධ්‍යස්ථාන නියාමනය කිරීම, ඒවාට වාර්ෂික බද්දක් අයකිරීම, එම මධ්‍යස්ථානවලින් ලියාපදිංචි ගාස්තුවක් අයකිරීම ආදී කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තම සංගමය සමඟ එකඟතාවයන්ට එළැඹී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.