IMF දෙවන වාරිකය ලබා ගැනීමට අද තීරණාත්මක සාකච්ඡාවක්
මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිස සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාව අද (26) පැවැත්වෙනවා.
පසුගියදා දිවයිනට පැමිණි මොවුන් විවිධ ක්ෂේත්රවල පිරිස් මුණගැසුණා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ශ්‍රී ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් වන අවසන් සාකච්ඡාව ලෙස ජනාධිපතිවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.
ඉන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ශ්‍රී ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් ගිවිසුම අත්සන් කිරීමට නියමිතයි.