මංගල ශාලාවක් ගිනි ගනී – 100කට වැඩි පිරිසක් මරුට

මංගල ශාලාවක් ගිනි ගනී – 100කට වැඩි පිරිසක් මරුට

උතුරු ඉරාකයේ මංගල ශාලාවක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු මිය ගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවට අනතුරු අඟවන බවයි.

ඉරාකයේ නිනිවේ පළාතේ හම්දානියා ප්‍රදේශයේ ගින්න හටගෙන ඇති අතර එය බැග්ඩෑඩ් අගනුවරට වයඹ දෙසින් කිලෝමීටර් 335ක් (සැතපුම් 205ක්) පමණ දුරින් මොසුල් නගරයෙන් පිටත පිහිටි ප්‍රධාන වශයෙන් ක්‍රිස්තියානි ප්‍රදේශයක් බවයි සඳහන් වන්නේ.

විදෙස් රූපවාහිනි දර්ශනවල මංගල ශාලාව තුළ ගිනි නිවන භටයින්ට කෑගසන අයුරු හා ගිනිගත් සුන්බුන් දර්ශන වාර්තාකර තිබුණා.

අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂියා අල්-සුඩානි ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කළ අතර සහන සලසන ලෙස රටේ අභ්‍යන්තර හා සෞඛ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව ඔහුගේ කාර්යාලය අන්තර්ජාලය හරහා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශකළා.

Nineveh හි පළාත් ආණ්ඩුකාර Najim al-Jubouri පැවසුවේ තුවාල ලැබූවන්ගෙන් සමහරක් ප්‍රාදේශීය රෝහල් වෙත මාරු කර ඇති බවයි.

ගින්නෙන් මියගිය සංඛ්‍යාව තවමත් ඉහළ යා හැකි බවට අඟවන අතර ලැව්ගින්නෙන් මියගිය අයගේ අවසන් සංඛ්‍යාලේඛන තවමත් නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ.

ගින්නට හේතුව පිළිබඳව ක්ෂනික නිල ප්‍රකාශයක් නොමැති නමුත් විදෙස් ප්‍රවෘත්ති නාලිකාවන්හි මූලික වාර්තා අනුව එම ස්ථානයේ ගිනිකෙළි සංදර්ශන ගින්නට හේතු වන්නට ඇති බවට වාර්තා කරනවා.

ඉරාක ප්‍රවෘත්ති ඒජන්සිය විසින් උපුටා දක්වන ලද සිවිල් ආරක්ෂක නිලධාරීන් විස්තර කළේ මංගල ශාලාවේ බාහිර පෙනුම රට තුළ නීති විරෝධී වූ අධික ලෙස දැවෙනසුළු ආවරණ වලින් සරසා ඇති බවයි.

ලැව්ගිනි ඇති වූ විට මිනිත්තු කිහිපයකින් කඩා වැටෙන අධික ලෙස දැවෙන, අඩු වියදම් ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ශාලාවේ කොටස් කඩා වැටීමට ගින්න හේතුවී ඇති බව වැඩිදුරටත් සඳහන්.

https://tinyurl.com/2nmvxnf6

COMMENTS