ශ්‍රී ලංකාව සම්පූර්ණ අර්ථික ප්‍රකෘතියක් පෙන්වලා නැහැ – IMF

ශ්‍රී ලංකාව සම්පූර්ණ අර්ථික ප්‍රකෘතියක් පෙන්වලා නැහැ – IMF

ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කළත්, සම්පූර්ණ අර්ථික ප්‍රකෘතියක් තවමත් සහතික වී නැතැයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානියා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් පැවැත්වූ මාධ්‍ය හමුව අමතමින් එහි ප්‍රධානියා මේ බව පැවසී ය.

මෙරටට අනුමත කරඇති විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරික නිදහස් කිරීම, විදෙස් ණය හිමියන් සමග ඇතිකරගන්නා එකඟතා හා එකඟ වී ඇති ප්‍රතිපත්ති මත රඳා පවතින බව ද එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරිණ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත බිලියන 1.5 ක් දක්වා වැඩි වී ඇති බවත් උද්ධමනය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානියා පැවසීය.

විශේෂයෙන්ම බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ ඇති ගැටලු සම්බන්ධයෙන් එම නියෝජිතයින් විවිධ කාරණා පෙන්වා දී තිබුණි..

“නුදුරේදීම මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පිවිසීම සඳහා පළමු සමාලෝචනය යටතේ කණ්ඩායම තවදුරටත් සාකච්ඡා පවත්වනවා. ඒ සමගම අපි කැමතියි මේ දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට උදව් කරන්න. පළමු සමාලෝචනයේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවයට පිවිසීමට අපිට තව කාලය ටිකක් අවශ්‍යයි…”

ඒ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් එකඟ වී ඇති ඩොලර් බිලියන 2.9ක ණය මුදලේ දෙවැනි කොටස නිදහස් කිරීම පමා වෙතැයි අනුමාන කෙරේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බ්රූවර් මහතා පැවසුවේ ඒ සඳහා නියමිත කාල පරාසයක් නොමැති බවයි.

COMMENTS