වාහන මිල ඉහළට ?
විද්‍යුත් වාහන ආනයනය කිරීම මඟින් ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කොට සිටිනවා.
එම සංගමය සඳහන් කර සිටියේ විද්‍යුත් වාහන ආනයනය කිරීමේ අවස්ථාව එක් ආයතනයකට පමණක් ලබාදීම නිසා වෙළෙඳපොළ ඒකාධිකාරයක් නිර්මාණය වන බවයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස ඉදිරිපත් කර ඇත්තේ කිලෝවොට් 500 දක්වා බලය සහිත විද්‍යුත් වාහන හෝ ප්ලගින සීසී 3000 දක්වා ආනයනය කිරීම සඳහා සියයට සියයක රේගු ගාස්තුවක් පැනවීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති පසුබිමකයි.
මෙහිදී වාහන ගෙන්වීම එක් ආයතනයකට ප්‍රතිලාභය සැලසෙන පරිදි අවස්ථාව සලසාදී තිබෙන අතර මෙම විද්‍යුත් වාහන සඳහා පළමු වසර දෙකේදි මෙරට තුළදී අගය එකතු කිරීමක් අවශ්‍ය නොවන බවයි එම සංගමය සඳහන් කර සිටින්නේ.
එක් ආයතනයකට පමණක් වාහන ආනයනය කිරීමේ අවස්ථාව ලබාදීම මඟින් එම ආයතනයට සිය අභිමතය පරිදි වාහන මිල ගණන් ඉහළ දැමීමේ අවස්ථාව හිමිවන බවයි එම සංගමය ප්‍රකාශ කරන්නේ.
අදාළ කැබිනට් යෝජනාව අනුමත වුවහොත් දැනට පිරිහෙමින් පවතින වාහන කර්මාන්තයට තවත් දැඩි ලෙස බලපෑමක් එල්ල වන බව සඳහන්.
තීරුබදු රහිතව වාහන ආනයනය කිරීම නිසා රජයට වාසියක් නොලැබෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.