MCC ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති තනතුර කුමාර් සංගක්කාරට

MCC ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති තනතුර කුමාර් සංගක්කාරට

Marylebone Cricket Club (MCC) ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර පත් කර තිබෙනවා.

කුමාර් සංගක්කාර 2019 වසරේ මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයේ මහා බ්‍රිතාන්‍ය නොවන පළමු සභාපතිවරයා ලෙස පත් වී වසර දෙකක කාලයක් කටයුතු කිරීමෙන් පසුවයි මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටුවේ සභාපති ධූරය පත් කර ඇත්තේ.

එම කමිටුවට කුමාර් ධර්මසේන, සෞරව් ගංගුලි, ජුලන් ගොස්වාමි, හෙදර් නයිට්, සුසී බේට්ස්, ක්ලෙයාර් කොනර්, ජස්ටින් ලැන්ගර්, ඉයන් මෝගන්, රමිස් රාජා, ග්‍රේම් ස්මිත් සහ රිකී ස්කෙරිට් ඇතුළත් වෙනවා.

මෙම කමිටුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සහ එහි සාමාජික රටවලට අනුපූරක ආයතනයක් ලෙස ක්‍රියා කරන අතර, ක්‍රීඩාවේ පවතින ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා වසරකට දෙවරක් මෙම කමිටුව රැස්වෙන බවයි සඳහන් වන්නේ.

COMMENTS