වැස්සෙන් පුද්ගලයන් 25,863ක් පිඩාවට
මේ දිනවල දිවයිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පුද්ගලයන් 25,863ක් පිඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා තිබෙනවා.
මේ අනුව රත්නපුර, කෑගල්ල, ගම්පහ, මාතර, ගාල්ල,නුවරඑළිය,පුත්තලම,කුරුණෑගල සහ යාපනය යන දිස්ත්‍රික්කවල පදිංචි පවුල් 6,250 කට අයත් පිරිසක් මෙලෙස පීඩාවට පත් වී ඇති බවට සඳහන්.
මෙලෙස අධික වර්ෂාපතනයෙන් වැඩිම පිරිසක් පිඩාවට පත්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවයි වාර්තා වන්නේ.
ඊයේ (03) පැය 24ක කාලයක් තුළ වැඩිම වර්ෂාපතනය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය මිලි මීටර් 72ක් පමණ වනවා.
එසේම අදත් (04) දිවයිනේ බස්නාහිර, දකුණු,සබරගමුව,වයඹ, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටත් මිලි මීටර් 75කට අධික වර්ශාපතනයක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.