සුනාමි අනතුරු ඇඟවීමේ පෙරහුරුවක් අද

සුනාමි අනතුරු ඇඟවීමේ පෙරහුරුවක් අද

ඉන්දීය සාගර කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහනක් අද (04) පැවැත්වෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඉන්දියානු සාගර කලාපීය රටවල් 28ක සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වෙන බවය.

සුනාමි ආපදාවට මුහුණදීම සඳහා කලාපීය රටවල ධාරිතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.

උදෑසන 9.30 සිට 11.30 දක්වා කාළය තුළ ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක මූලික කරගනිමින් මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතයි.

ඉන්දියානු සාගර කලාපීය සුනාමි අනතුරු ඇඟවීමේ සහ අවම කිරීමේ පද්ධතිය හා යුනෙස්කෝ සංවිධානය විසින් මෙය සංවිධානය කර ඇත.

මෙම කාලය තුළ සුනාමි අවදානමක් සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් අසත්‍ය ප්‍රචාර පැතිරවීමෙන් වළකින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

COMMENTS