ඊශ්‍රායල – පලස්තීන ගැටුම් දරුණු වෙයි

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් දරුණු වෙයි

ඊශ්‍රායල – පලස්තීන ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 1000 ඉක්මවා තිබෙනවා.

මේ වනවිට තුවාල ලැබූ සංඛ්‍යාව දහස් ගණනක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ගැටුම් හේතුවෙන් ඊශ්‍රායල සිවිල් වැසියන් 700කට වැඩි පිරිසක් සහ හමාස් සටන්කාමීන් මෙන්ම පලස්තීනුවන් 400 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය නිල වශයෙන් එරට යුද තත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර, ගාසා තීරයේ පාලනය උසුලන හමාස් සංවිධානය ඊශ්‍රායල වැසියන් ප්‍රාණ ඇපයට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

හමාස් සංවිධානය ඊශ්‍රායල භූමියට ඇතුළු වී ප්‍රහාර එල්ල කරනු ලැබුවේ පසුගිය 7 වනදායි.

ඒ ඊශ්‍රායලයේ ටෙල්අවිව් ඇතුළු ප්‍රධාන නගර රැසකට රොකට් ප්‍රහාර 7,000කට ආසන්න සංඛ්‍යාවක් එල්ල කරමින්.

අමෙරිකාව විසින් ඊශ්‍රායලයට සහය දක්වන බව ප්‍රකාශ කර ඇති අතර, ගල්ෆ් මුහුදේ මේ වනවිටත් ඇමරිකානු යුද නැව් සහ ගුවන් යානා ස්ථාපිත කර තිබෙනවා.

https://tinyurl.com/62yne9zh

COMMENTS