රූමත් පොලිස් කොස්තාපල්වරිය ටිපර් රථයට බිලි වෙයි

රූමත් පොලිස් කොස්තාපල්වරිය ටිපර් රථයට බිලි වෙයි

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේදී ඊයේ (10) පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් කොස්තාපල්වරියක අද (11) දින අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරු පැදියක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙසේ මියගොස් ඇත්තේ පේදුරුතුඩුව පොලීසියට අනියුක්තව සේවය කරමින් සිට නිවාඩු පැමිණ සිටි දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ ඇතැබැදිවැව පදිංචි චන්දිමා ගිම්හානි දිල්රුක්ෂි විසි පස් හැවිරිදි අවිවාහක පොලිස් කොස්තාපල්වරියක්.

සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරිය දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ පසුව ඇයට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එක් පාදයක් ඉවත් කොට තිබුණු බව එක් අතක්ද ඉවත් කිරීම සඳහා සැත්කමක් සිදු කිරීමට අවශ්‍ය බවද රෝහල් බලධාරීන් ප්‍රකාශ කළේ යැයි ඥාතීන් ප්‍රකාශ කළා.

මිය ගිය පොලිස් කොස්තාපල්වරියගේ මව ඩබ්ලිව් .එම් .හින් මැණිකේ මහත්මිය කියා සිටියේ තම දියණිය ඊට පෙර දින පේදුරුතුඩුව පොලිසියේ සිට නිවාඩු ලබා රාත්‍රියේ නිවසට පැමිණි අතර පසුව උදෑසන යතුරුපැදිය රැගෙන තම සහෝදරයන්ගේ දරුවන්ට සෙල්ලම් බඩු සහ ආහාර සඳහා යමක් රැගෙන ඒම සඳහා තම පියාණන්ට මුදල් රැගෙන ඒම සඳහා දඹුල්ල නගරයට ගොස් එන අතරතුරදී මෙම අනතුරට මුහුණ දුන් බවයි.

COMMENTS