ඉලෝන් මස්ක්ගේ සමාගමට ඕස්ට්‍රේලියාවෙන් දඩ

ඉලෝන් මස්ක්ගේ සමාගමට ඕස්ට්‍රේලියාවෙන් දඩ

ළමා අපචාරවලට එරෙහි විමර්ශනයකදී සහයෝගය නොදැක්වීමේ චෝදනා මත මීට පෙර ට්විටර් හෙවත් වර්තමානයේ එක්ස් ලෙස හැඳින්වෙන ඉලෝන් මස්ක්ගේ සමාගමට ඕස්ට්‍රේලියානු ඩොලර් හය ලක්ෂ දස දහස් පන්සියයක දඩයක් පනවා තිබෙනවා.

ඕස්ට්‍රේලියානු අන්තර්ජාල ආරක්ෂක කොමිසම ප්‍රකාශ කර ඇත්තේ ළමා අපචාර සම්බන්ධයෙන් එම සමාගමේ ප්‍රකාශ හිස් බවකින් යුක්ත බවයි.

මස්ක් විසින් ට්විටර් සමාගම මිලදී ගැනීමෙන් පසු එය පැහැදිළි ලාභ ලැබීමක්ද පෙන්නුම් කර නොමැති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ ළමා ලිංගික සූරාකෑම පිළිබඳ ප්‍රතිචාර දැක්වීමට ගතවන කාලය ඇතුලු ප්‍රශ්න ගණනාවකටම එක්ස් සමාගම පිළිතුරු ලබාදී නොමැති බවයි.

https://tinyurl.com/2yepbjwp

COMMENTS