ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක් – 500ක් මරුට
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 500 දෙනෙකු මියගොස් ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ගාසා නගර මධ්‍යයේ පිහිටි අල්-අහ්ලි අරාබි රෝහලට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ ගින්න හේතුවෙන් රෝහලේ සුන්බුන්, කැඩුණු වීදුරු සහ මිනිසුන්ගේ ශරීර කොටස් ප්‍රදේශය පුරා විසිරී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම ප්‍රහාරය තහවුරු වුවහොත් 2008 වසරෙන් පසු ඊශ්‍රායලය විසින් සිදු කරන ලද මාරාන්තික ගුවන් ප්‍රහාරය මෙය වනු ඇති බව ද සඳහන්.