හමාස් සංවිධානය පළමු වරට ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කරයි
හමාස් සංවිධානය රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන්ගෙන් දෙදෙනෙකු පළමු වරට නිදහස් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔක්. 7 වන දා ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද අනපේක්ෂිත ප්‍රහාරයෙන් පසුව හමාස් සංවිධානය ග්‍රහණයට ගත් ජුඩිත් සහ නැටලි රානන් යන අමෙරිකානු පුරවැසියන් දෙදෙනෙකු මෙලෙස නිදහස් කළ බවයි.
ජනාධිපති බයිඩන්ගේ ඊශ්‍රායලය සංචාරයෙන් අනතුරුව මෙලෙස අමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් වීම විශේෂත්වයක්.
හමාස් සංවිධානය ග්‍රහණයේ පුද්ගලයන් 200ක් පමණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ, තවත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ උත්සහයන් අඛණ්ඩව ක්‍රියාත්මක අතර, තම හමුදා ද “ජයග්‍රහණය තෙක් දිගට ම සටන් කරන” බවයි.
පලස්තීන බලධාරීන් පවසන්නේ, ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව ගාසා තීරයේ 4,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.
ඊශ්‍රායලයේ ද 1,400කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.