ජ්‍යෙෂ්ඨ නර්ථනාචාර්ය, කලාශූරී සෙල්වනායගම් අභාවප්‍රාප්ත වෙයි
![ජ්‍යෙෂ්ඨ නර්ථනාචාර්ය, කලාශූරී සෙල්වනායගම් අභාවප්‍රාප්ත වෙයි ජ්‍යෙෂ්ඨ නර්ථනාචාර්ය, කලාශූරී සෙල්වනායගම් අභාවප්‍රාප්ත වෙයි](https://www.mynewslanka.com/wp-content/uploads/2023/10/SELWA.jpg)
මෙරට ජ්‍යෙෂ්ඨ නර්ථනාචාර්යවරියක් වන කලාශූරී රැජිණි සෙල්වනායගම් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අසනීප තත්ත්වයෙන් පසූ වූ ඒ මහත්මිය ඊයේ (20) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බව වාර්තා වෙනවා.
රාජගිරිය, කලපළුවාවේ පදිංචිව සිටි ඇය මියයන විට 71 වැනි වියෙහි පසුවුණා.
දෙස් විදෙස් සුපතල, නර්තන රැජිණිය ලෙස විරුදාවලිය ලත් සෙල්වනායගම් මහත්මිය කලා කීර්ති සහ විශ්ව කලා කීර්ති යන සම්මානයෙන් ද පිදුම් ලබා තිබෙනවා.
බලංගොඩ ග්‍රාමයේ උපත ලබා හැදී වැඩි කලා ලොවට අවතීර්ණ වූ ඒ මහත්මිය සුවසහක් දැයේ දරුවන්ට ගුරුහැරුකම් පෑ අතිදක්ෂ ආචාර්යවරියක්.