නිජ භූමියෙන් ඉවත් වන්නේ නෑ – පලස්තීන ජනාධිපති
අභියෝග පැමිණිය ද සිය භූමියෙන් ඉවත් නොවන බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසනවා.
ගාසා අර්බුදය සම්බන්ධයෙන් ඊජීප්තුවේ කයිරෝ හිදී පැවැත්වෙන සමුළුවට සහභාගී වෙමින් පලස්තීන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම් සිදු කරන බව ජනපති වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
සාම සමුළුවක් ලෙස හඳුන්වමින් පැවැත්වෙන එම සමුළුව සඳහා ජෝර්දාන, කටාර්, ඉතාලිය, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමයේ රටවල නියෝජිතයින් සහභාගී වූ බව වාර්තා වෙනවා.
එමෙන්ම ඊශ්‍රායලය, අමෙරිකාව සහ ඉරානය ඊට සහභාගී නොවන ප්‍රධාන රටවල් වීම විශේෂත්වයක්.
සමුළුවේ දී අදහස් දක්වමින් ජෝර්දානයේ අබ්දුල්ලා රජු ප්‍රකාශ කර තිබෙන්නේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ගෝලීය නිශ්ශබ්දතාව හෙළාදකින බවයි.