චීන සංචාරයේ වැදගත් තීන්දු පිළිබඳ නිවේදනයක්

චීන සංචාරයේ වැදගත් තීන්දු පිළිබඳ නිවේදනයක්

චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතාගේ ආරාධනයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 16 සිට 20 දක්වා සිදු කළ චීන සංචාරයේ වැදගත් තීන්දු තීරණ පිළිබඳව දෙරටේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සංචාරය අතරතුර, ජනාධිපතිවරයා චීන ජනපති, උප අගමැති හමු වී අදහස් හුවමාරු කරගත් බව වාර්තා වෙනවා.

සංචාරයේ මඟින් චීන-ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය , අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව පුළුල් කිරීම මෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර ගැටලු පිළිබඳව පුළුල් පොදු අවබෝධයකට එළඹුණු බව නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකා භූමිය තුළ චීනයට එරෙහි කිසිදු බෙදුම්වාදී ක්‍රියාකාරකමකට කිසිසේත් ඉඩ නොදෙන බව ශ්‍රී ලංකාව යළි අවධාරණය කළ බව ද එම නිවේදනයේ දැක්වේ.

චීනය කාලෝචිත ලෙස ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර ලේඛනයක් සපයා ඇති අතර 2023 මාර්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ණය ලබා ගැනීමට උදව් කර ඇති බව ද එහි සඳහන් වෙනවා.

සැප්තැම්බර් අග දී නිල ණය හිමියා ලෙස චීනයේ අපනයන-ආනයන බැංකුව මූලික එකඟතාවන්ට පැමිණ ඇති බව ද, එහි සඳහන්.

එමෙන්ම වෙළඳ සහ ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පුළුල් නිදහස් වෙළඳ ගිවිසුමක් හැකි ඉක්මනින් අවසන් කිරීමට දෙරටේ එකඟ වී තිබෙනවා.

දරිද්‍රතාව අවම කිරීම සහ සංවර්ධන සහයෝගීතාව පිළිබඳ දෙරට අතර පොදු වේදිකා ස්ථාපිත කිරීම, පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම සහ දැණුම හුවමාරුව කරගැනීමට ද මෙහිදි එකඟ වූ බව ඒකාබද්ද නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙනවා.

COMMENTS