ගාසාවේ ගොඩබිම් ආක්‍රමණයට ඊශ්‍රායලය සැරසෙයි

ගාසාවේ ගොඩබිම් ආක්‍රමණයට ඊශ්‍රායලය සැරසෙයි

ගාසා තීරයේ ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් වන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අනතුරු අඟවා තිබෙනවා.

එවන් පසුබිමක ගාසා තීරයේ ගැටුම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අමෙරිකාව සහ රුසියාව ඉදිරිපත් කළ යෝජනා යළිත් වරක් පරාජයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායලයට තම රට ආරක්ෂා කර ගැනීමේ අයිතියක් ඇතැයි, අමෙරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට සිව්වැනි වරටත් ඉදිරිපත් කළ යෝජනාව තුළින් පෙන්වා දී තිබෙනවා.

අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 10 ක් ලැබී තිබුණත්, ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයින්ගේ ඊට ඡන්දය නොලැබුණි.

ගාසා තීරයට පූර්ණ සටන් විරාමයක් ඉල්ලා රුසියාව ඉදිරිපත් කළ යෝජනාව ද දෙවැනි වරටත් පරාජයට පත්වූ අතර, හමාස් සටන්කාමීන් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර අදාළ යෝජනා දෙකෙන් ම හෙළා දැක තිබෙනවා.

ගාසා තීරයේ උතුරු කලාපයෙන් ඉවත් වන ලෙස සිවිල් වැසියන්ට කළ නියෝගය හකුලා ගැනීමට ඊශ්‍රායලයට බලපෑම් කිරීම ද අදාළ යෝජනා අතරට ඇතුළත් වුණා.

මේ වන විට ගාසා ගැටුම් නිසා දිවි අහිමි වූ සිවිල් වැසියන් සංඛ්‍යාව 6,500 ඉක්මවා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

COMMENTS