ඊශ්‍රායලය සහ පලස්තීන ගැටුමෙන් ළමයින් 3,334ක් මරුට

ඊශ්‍රායලය සහ පලස්තීන ගැටුමෙන් ළමයින් 3,334ක් මරුට

ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සටන්කාමීන් අතර පවතින ගැටුම් හේතුවෙන් සති 03ක් ඇතුළත ළමයින් 3,334 දෙනෙකු මියගොස් තිබෙනවා.

එක්සත් ජාතින්ගේ දත්ත උපුටා දක්වමින් රාජ්‍ය නොවන සංවිධානයක් සදහන් කළේ දෙපාර්ශවය අතර යුද්ධයෙන් ගාසා තීරයේ 8000ක් පමණ පිරිසක් මේ වන විට මියගොස් ඇති බවයි.

ඉන් 40%ක්ම ළමයින් වන අතර, තවත් ළමයින් 1000ක් අතුරුදන් බවද එම රාජ්‍ය නොවන සංවිධානය ප්‍රකාශ කළා.

විදෙස් වාර්තා සඳහන් කළේ ඉතිහාසයේ මෙතෙක් පැවති යුද්ධ අතරින් වැඩිම ළමයින් පිරිසක් මියගිය යුද්ධය ලෙස මෙය වාර්තා අතරට එක්වන බවයි.

https://tinyurl.com/57wszn7f

COMMENTS