රෝහලක් හිස්කරන්නැයි ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක්
ගාසා තීරයේ අල්-කුඩ්ස් රෝහලෙන් රෝගීන් වහාම ඉවත් කර ගන්නා ලෙස ඊශ්‍රායලය දැනුම් දී ඇතැයි පලස්තීන රතු අඩ සඳ සංවිධානය පවසනවා.
රෝහලේ දැඩි සත්කාර ඒකකවල රෝගීන් සහ විශේෂ ප්‍රතිකාර අවශ්‍ය ළදරුවන් සිටින බැවින් ඔවුන්ව ඉවත්කරගැනීම නොහැකි බව එම සංවිධානය පෙන්වා දෙනවා.
සිවිල් වැසියන් 14,000 ක් පමණ එම රෝහලේ සහ ඒ අවට ප්‍රදේශයේ රැඳී සිටින බව ද සඳහන්.
කෙසේවෙතත් ඊයේ දවස පුරා රෝහල ආසන්න ප්‍රදේශවලටත් ගුවන් ප්‍රහාර එල්ල වුණා.
ගාසා තීරයේ ගොඩබිම් ප්‍රහාර පුළුල් කරමින් ඊශ්‍රායල ආරක්ෂක අංශ ගෙවුණු දිනයේත් හමාස් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළා.
විදෙස් වාර්තාවල දැක්වුණේ පසුගිය දිනවලට සාපේක්ෂව ඊයේ දිනයේ ඊශ්‍රායලය සිදුකළ ගොඩබිම් ප්‍රහාර සංඛ්‍යාව සාපේක්ෂව ඉහළ අගයක් ගත් බවයි.