සුප්‍රසිද්ධ නිළියක් සියදිවි නසා ගනී
ඉන්දීය සිනමාවේ සුප්‍රසිද්ධ මලයාලම් නිළියක් වන රෙන්ජුෂා මෙනන් ගෙල වැලලාගෙන මිය ගොස් තිබෙනවා.
තිරුවානන්තපුරම් ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී ඇයගේ සිරුර සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මියයන විට ඇය 35 හැවිරිදි වියේ පසු වී තිබෙනවා.
රෙන්ජුෂා මෙනන් සිය සැමියා සමඟ මෙම නිවසේ පදිංචිව සිට තිබීම විශේෂත්වයක්.
ඇගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රැගෙන ගොස් ඇති අතර මෙය ඝාතනයක්ද නැතිනම් සියදිවි නසාගැනීමක්ද යන්න සෙවීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.