ගාසා තීරයට සටන් විරාමයක් නෑ

ගාසා තීරයට සටන් විරාමයක් නෑ

ගාසා තීරයේ සටන් විරාමයක් ආරම්භ නොවනු ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබෙනවා.

හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමේ අරමුණින් ගාසා තීරයට පහරදීම් සිදු කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

හමාස් සටන්කාමීන් අඩපණ කරමින්, ඔවුන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල වැසියන් 230 දෙනා බේරා ගැනීම ඊශ්‍රායල හමුදාවේ ප්‍රධාන අරමුණ බවත්, ඒ සඳහා ජාත්‍යන්තරයේ සහාය අපේක්ෂා කරන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේ දී සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කොන්දේසියක් නොමැතිව, හමාස් සටන්කාමීන් ප්‍රාණ ඇපයේ රඳවන් සිටින ඊශ්‍රායල වැසියන් වහා නිදහස් කළ යුතු බව නෙතන්යාහු ප්‍රකාශ කර තිබෙනවා.

මේ වන විට හමාස් ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන්ගෙන් 33 දෙනෙකු කුඩා දරුවන්.