අමෙරිකානු රාජ්‍ය ලේකම් ඊශ්‍රායල අගමැති නෙතන්යාහු හමුවෙයි

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඊශ්‍රායල අගමැති නෙතන්යාහු හමුවෙයි

ඊශ්‍රායලයට පැමිණ සිටින අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමුවී තිබෙනවා.

ඊශ්‍රායලයේ ටෙල් අවිවිහි දී අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය ලේකම්වරයා අතර මෙම පෞද්ගලික හමුව සිදුව ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය ලේකම්වරයා යුද කැබිනට් මණ්ඩලය ද හමුවීමට නියමිතයි.

ඊශ්‍රායල – ගාසා යුද්ධය ආරම්භවීමෙන් පසු මේ දක්වා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊශ්‍රායලට පැමිණි තුන්වන අවස්ථාව මෙයයි.

ඊශ්‍රායලය බලා පිටත්ව යාමට පෙර වොෂින්ටන්හි දී ඔහු මාධ්‍යවේදීන්ට පවසා තිබුණේ, සිය සංචාරයේ දී ගාසාහි සාමාන්‍ය ජනතාවට සිදුවන හානි අවම කිරීම සඳහා ස්ථීරසාර පියවර ගැනීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි.

COMMENTS