ඊශ්‍රායල හමුදාව ගාසා නඟරය ‘සම්පූර්ණයෙන්’ වටලයි
ගාසා නඟරය සම්පූර්ණයෙන් වටලා ඇති බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව හමාස් සංවිධානයේ මුරපොළවල්, මූලස්ථානවලට සහ යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන බව වාර්තා වෙනවා.
ඊශ්‍රායල රජය පවසන්නේ, එරට සේවය කරන ගාසා ජනතාව වටලනු ලබන ප්‍රදේශවලට ආපසු යවන බවත්, මේ වන විට ඊශ්‍රායල සොල්දාදුවන් 23 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලය මේ වන විට ගාසා තීරයට ගුවන් හා කාලතුවක්කු ප්‍රහාර දහස් ගණනක් එල්ල කර ඇති බවයි.
ප්‍රහාර එල්ල කිරීමේ දී හමාස් සංවිධානයේ උමං මාර්ග සහ රොකට් ලෝන්චර් ඇතුළු යටිතල පහසුකම් ඉලක්ක බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වන විට පුද්ගලයන් 9,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔක්තෝබර් 7වන දා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 1,400ක් මිය ගොස් ඇති බවත්, හමාස් සංවිධානය පුද්ගලයන් 200කට අධික පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන ඇති බවයි.
අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඔක්තෝබර් 7වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු දෙවන වරටත් ඊශ්‍රායලයේ සංචාරයකට පැමිණ තිබෙනවා.