ඉන්දියාවේ වායු දූෂණය ඉහළට

ඉන්දියාවේ වායු දූෂණය ඉහළට

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන අතරතුර ඉන්දියාවේ නවදිල්ලි අගනුවර මෙලෙස වායු දූෂණය ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන විට වායුගෝලයේ පවතින අහිතකර අංශු මට්ටම පැවතිය යුතු අගය මෙන් පන්සීය ගුණයක් ඉක්මවා ගොස් තිබෙනවා.

ඉන්දියාවේ නවදිල්ලි අගනඟරය අවස්ථා රැසක දී ලොව වඩාත් ඉහළම වායු දූෂණයක් ඇති නගර අතරට එක්වූ අතර, නවදිල්ලියේ වායු දූෂණ මට්ටම කැපී පෙනෙන අගයකින් ඉහළගොස් ඇත්තේ එහි ජන ජීවිතයට දැඩි බාධා එල්ල කරමින්.

මේ වනවිට එහි වායුගෝලයේ පවතින අහිතකර අංශු මට්ටම පැවතිය යුතු අගය මෙන්ගු පන්සීය ගුණයක් ඉක්මවීම හේතුවෙන්, අගනුවර පිහිටි ප්‍රාථමික පාසල් සියල්ල 10 වනදා දක්වා වසා දැමීමට දිල්ලි බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දිල්ලි ආසන්න පන්ජාබ් සහ හර්යානා වැනි ප්‍රාන්තවල අස්වනු නෙලීමෙන් පසු ඒවායේ පිදුරු දහනය ඇතුළු කරුණු කිහිපයක් මෙම තත්ත්වයට හේතුවන බවයි.