වායු දූෂණය අඩු කරන්න ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

වායු දූෂණය අඩු කරන්න ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

නවදිල්ලියේ වායු දූෂණය අඩු කරන්න ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

පිදුරු ඇතුලු බෝග අපද්‍රව්‍ය ගිනි තැබීම නතර කරන ලෙසට නවදිල්ලි නුවර අවට ප්‍රාන්තවල බලධාරීන්ට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය යළි නියෝග කර තිබෙනවා.

පන්ජාබ්, හර්යානා, රාජස්ථාන් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවල ගොවීන් ඇතුලු ජනතාව මෙලෙස සිදු කරන ගිනි තැබීම් නවදිල්ලියේ වායු දූෂණයට ප්‍රධාන හේතුවක්වීම ඊට හේතුවයි.

නවදිල්ලිය මේ වනවිට ලොව වැඩිම වායු දූෂණය සහිත නඟර හතර අතර පවතිනවා.

මේ වන විටත් රථවාහන ගමනාගමනයට එහි සීමා පනවා ඇති අතර, පාසල් රැසක් ද වසා දැමුණා.