අමෙරිකානුවන් ජනාධිපති ජෝ බයිඩන් ගැන නොසතුටින්

අමෙරිකානුවන් ජනාධිපති ජෝ බයිඩන් ගැන නොසතුටින්

අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ලබන වසරේ යළි තරඟ වැදීමට අපේක්ෂා කරන 80 හැවිරිදි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ජනප්‍රියත්වය පිරිහී ඇති බව රොයිටර්ස් සහ ඉප්සොස් (REUTERS / IPSOS) මත සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ජෝ බයිඩන් ගේ ක්‍රියාකලාපය අනුමත කරන්නේ, අමෙරිකානුවන් ගෙන් 39%ක් පමණක් බව වාර්තාවෙනවා.

2024 ජනාධිපතිවරණයේ දී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මුහුණ දීම ජනපති බයිඩන්ට විශාල අභියෝගයක් වනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුද්ධය සහ විදේශීය අර්බුද සම්බන්ධයෙන් අමෙරිකානුවන් බයිඩන් ගේ ප්‍රතිපත්ති පිළිබඳ සෑහීමකට පත් නොවන බවත්, ඔහු අමෙරිකානු ආර්ථිකය හසුරුවන ආකාරය සම්බන්ධයෙන් ද ජනතා ප්‍රසාදය ගිලිහෙමින් පවතින බවත් නව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.