ගාසාව දරුවන්ගේ සුසාන භූමියක් වෙයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් පෙන්වා දෙන්නේ, ගාසා තීරය මේ වනවිට දරුවන්ගේ සුසාන භූමියක් බවට පරිවර්තනය වී ඇති බවයි.
මසක් පුරාවට ක්රියාත්මක ඊශ්රායල – හමාස් යුද ගැටුම් දිනෙන් දින තීව්ර වෙමින් පවතිනවා.
ගෙවුණු දිනයේත් ගාසා තීරයේ හඳුනාගත් හමාස් ඉලක්ක වෙත ඊශ්රායල් ප්රහාර එල්ල කෙරුණා.
මේ අතර, ඊශ්රායල් හමුදාව ප්රකාශ කළේ උතුරු ගාසා තීරයේ පිහිටි හමාස් සංවිධානයේ ප්රධාන බලකොටුව අත්පත් කර ගැනීමට සමත් වූ බවයි.
ගාසා තීරයේ පාලනය හොබවන හමාස් ඉස්ලාමීය කණ්ඩායමේ ප්රබල නායකයෙකු වන යාහ්යා සින්හාර් බංකරයක සැඟවී සිටින බව ද ඊශ්රායලය පවසනවා.
ගාසා තීරය ළමයින්ගේ සොහොන් පිටියක් බවට පත්වෙමින් තිබෙනවා.
සෑම දිනකම ගැහැණු සහ පිරිමි ළමුන් සිය ගණනක් මියයන බව හෝ තුවාල ලබන බවයි වාර්තා වෙන්නේ.