ගාසා තීරයේ හමාස් කඳවුර ඊශ්‍රායලය අල්ලා ගනී

ගාසා තීරයේ හමාස් කඳවුර ඊශ්‍රායලය අල්ලා ගනී

උතුරු ගාසා තීරයේ පැය 10ක සටනකින් පසු හමාස් කඳවුරක් අල්ලා ගත් බව ඊශ්‍රායලය නිවේදනය කර තිබෙනවා.
හමාස් සංවිධානය පවසන්නේ රාත්‍රිය පුරාවට එහි ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි.

මේ අතර, උතුරු ගාසා තීරයෙන් දකුණට යාමට මිනිසුන්ට ඉඩ සලසන මාර්ගයක් පස්වන දිනටත් විවෘතව පවතින බවට වාර්තා වෙනවා.

පලස්තීනුවන් 50,000ක් ගාසා තීරයෙන් ඊයේ(08) පිටව ගිය බව ඊශ්‍රායලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

කෙසේ වෙතත්, හමාස් සංවිධානයට විදේශ ගමන් බලපත්‍ර හිමියන් සමඟ තුවාල ලැබූ පලස්තීනුවන් ඉවත් කිරීමට අවශ්‍ය බවයි සඳහන් වන්නේ.

වැඩි දුරටත් විදෙස් මාධ්‍ය පවසන්නේ මේ හේතුවෙන් රෆා දේශසීමා හරහා ඊජිප්තුවට පිවිසීම වසා දමා ඇති බවයි.

COMMENTS