මානුෂීය අර්බුදයක්

මානුෂීය අර්බුදයක්

පාකිස්තානයේ සිට පැමිණෙන ඇෆ්ගනිස්තාන සරණාගතයන් හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ මානුෂීය අර්බුදයක් නිර්මාණය වනු ඇතැයි ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව පවසනවා.

පාකිස්තානයේ වාසය කළ ඇෆ්ගනිස්තාන සංක්‍රමණිකයන් දහස් ගණනක් නැවතත් ඇෆ්ගනිස්තානයට සංක්‍රමණය වන්නේ පාකිස්තාන රජයේ නියෝගයක් අනුවයි.

පාකිස්තානය මෙම තීරණයට එළැඹුණේ, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පසුවයි.

පාකිස්තානය එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානයට චෝදනා එල්ල කළත් ඇෆ්ගනිස්තානය එම චෝදනා ප්‍රතික්ෂේප කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

මේ සමඟ ඉදිරියේ දී දැඩි මානුෂීය අර්බුදයක් නිර්මාණය වනු ඇතැයි ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව පවසන අතර, මෙම තත්ත්වය පාලනය කිරීමට වහාම අතිරේක මානුෂීය ආධාර රැස් කළ යුතු බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

ඇෆ්ගනිස්තාන ජනගහනයෙන් තුනෙන් දෙකකට දැනටමත් මානුෂීය ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සහන කණ්ඩායම් ද පෙන්වා දෙනවා.

රටේ තත්ත්වය ස්ථාවර වන තෙක් පාකිස්තානයේ සිට පැමිණෙන සංක්‍රමණිකයන්ට සහායවන ලෙස ද ඔවුන් අසල්වැසි රටවලින් ඉල්ලීම් කරනවා.

පාකිස්තානයේ මෙම හදිසි ක්‍රියාමාර්ගය පිළිබඳ මානව හිමිකම් සංවිධාන රැසකින් එල්ල වී ඇත්තේ දැඩි විරෝධයක්.

COMMENTS